RSS Amplifier

News source

වී News

විශ්වසනීය පුවත් වාර්තාකරන​ය

vnews.lkSource feed ↗20 articles

Live Last read · last published · next check

Written by

Latest articles

ජූලි මාසයේ උද්ධමනය ඉහළට

මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභොගික උද්ධමන අනුපාතය අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූනි මාසයේදී මෙරට වාර්තා වූ 6.5%ක උද්ධමනය ජූලි මාසය වන විට 7.2% දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති [...] The post ජූලි මාසයේ උද්ධමනය ඉහළට appeared first on වී News .

ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර, කමිඳු මෙන්ඩිස් උප නායකත්වය දරනු ලබනවා. මෙම තරගය අගෝස්තු මස 23 වනදා සිට 27 වන දා දක්වා කොළඹ ීක්‍ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. The post ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ ‘රටම එකට‘ මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේදී වැටලීම් 753ක් පොලිසීය විසින් සිදු කර තිබෙනවා. The post මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට appeared first on වී News .

ඇලස්කාවේ ගුවන් අනතුරක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේදී කුලී ගුවන් යානයක් අනතුරට ලක් ව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. The post ඇලස්කාවේ ගුවන් අනතුරක් appeared first on වී News .

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර [...] The post සංස්කෘතික කටයුතු සඳහා අලි…

ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්. සැකකරුවන් අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. The post ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on වී News .

රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ අද පස්වරුවේ දෙහිවල – සරණංකර ක්‍රීඩංගණයේ දී. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. The post රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද appeared first on වී News .

තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක කාලයක් රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතයි. සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ. The post තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන…

ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා, පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට දන්වා තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග චීන ව්‍යවසායන්ගේ අවශ්‍යතාවලට දැඩි ලෙස හානි කරන බවයි චීන වාණිජ අමාත්‍යාංශය සදහන් කලේ. මේ හේතුවෙන් ගෝලීය ඩ්‍රෝන යානා කර්මාන්තය සහ සැපයුම් දාමයන්හි සහයෝගීතාවට බාධා කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. The post ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි appeared…

නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

අභාවප්‍රාප්ත ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී, ආචාර්ය නන්දා මාලිනීගේ දේහය මේ වන විට නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඊයේ සිය නිවසේ දී ඇය මිය යන විට 82 වැනි වියේ පසුවුණා. ආචාර්ය නන්දා මාලිනීගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. The post නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ appeared first on වී News .

රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට ජර්මනියේ ජූලියන් වීබර් සමත්ව තිබෙනවා. ඉකුත් දිනවලදී ජාත්‍යන්තර තරග බිමේ දක්වන ලද විශිෂ්ට දක්ෂතා පදනම් කරගනිමින් ජූලියන් වීබර් මෙසේ පළමු ස්ථානයට පැමිණ සිටිනවා. මීට පෙර එම ශ්‍රෙ ්ණිගත කිරීම් අතර ඉදිරියෙන්ම [...] The post රුමේෂ් තරංග අභිබවමින්…

ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍ර ියාමාර්ගයන් ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. , මාස පහකට අධික කාලයක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා ඉරානය සමග පැවති සාකච්ඡා ඇනහිට ඇති පසුබිමකයි. ට්‍රම්ප් සිය “ටෲත් සෝෂල්” ගිණුමේ පළ කර ඇත්තේ, ඉරානය සමග එකඟතාවකට පැමිණීමට තිබූ අවස්ථාවක් ටෙහෙරානය විසින් අහිමි කරගෙන ඇති බවයි. [...] The post ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන…

අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක්, නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම පිරිස නාවාතැනක් සොයාගැනීම සඳහා මෝටර් රථයෙන් යන අතරතුරයි මෙම අනතුරට භාජනය වී ඇත්තේ. අනතුරට පත්වන අවස්ථාවේ එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර, අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදු වී [...] The post අවාරයේ සිරිපා…

යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා. අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබූ බවයි වාර්තා වන්නේ. The post යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා appeared first on වී News .

පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් අවුරුදු 32ත් 58ත් අතර වයස්වල පසුවන මුන්දලම, උකුවෙල, දුම්මලසූරිය, පිළියන්දල,යාපනය, මාදම්පේ හා කෙසෙල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. The post…

රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ 39 හා 7 වන වයස් වල පසු වූ සියඹලාපේ පදිංචි මව සහ දියණියකි. The post රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared…

දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් අද සිට ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමින්. එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම [...] The post දිවයින පුරා…

කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් වාරණ නියෝගයක් නිකුත් කළා. ඉන්දියාවේ ඔටෝමෝටිව් නමැති සුඛෝපබෝගී වාහන නිෂ්පාදිත සමාගම විසින් පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි විදේශීය අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන කඩුවෙල ඔටෝ ගෘප් නමැති සමාගමටයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ. මෙම [...] The post කඩුවෙළ…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර , වයඹ සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ [...] The post…

ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 25 වැනි දින දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කලේ. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 09 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල [...] The post ශිෂ්‍යත්ව විභාගයේ…