News source
විගස පුවත්
නවතම පුවත්-Sri Lanka Latest News
Subscribe:.rss.atom.json.md
Overdue Last read · last published · next check
Last read 12 hours ago, longer than this feed's 2 hours schedule.
Latest articles

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. නන්දා මාලනී මහත්මිය 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලබා ඇති අතර, කුඩා අවධියේ සිටම සිය …

කාන්තාවන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධ නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත කර තිබේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුව මෙලෙස සම්මත කර ඇත. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ සිදුකරන වැරදි සඳහා දැනට …

ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ප්‍රජා බලකරණය සඳහා වෙනසක් ඇති කිරීමේ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත්…

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ. එම …

වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම අභියෝගයක් වී ඇති අතර, විශේෂයෙන් පිරිමි දරුවන් අවුරුදු 16න් පසු පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. නව අධ්‍යාපන සංශෝධන …

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,115කි. එම දත්තවලට අනුව අගෝස්තු මාසයේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබේ. වසරේ මේ දක්වා වැඩිම …

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය සඳහන් කර ඇත්තේ, විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි. පළපුරුදු සහ දැනුමැති …

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී නියඟයක් ඇතිවුවහොත් නියඟයෙන් පීඩිත ප්‍රදේශ සඳහා කඩිනමින් ජල පහසුකම් සැපයීමට හැකි වන පරිදි නව චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. අගෝස්තු 6 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මෙම චක්‍රලේඛය ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් …

යාපනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත Yarl Royal Palace නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.52කි. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු එය උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට නියමිත …

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රතිචාර දක්වා තිබේ. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් ලැබෙන තෙක් එය කල්දමන ලෙස නීතිඥ සංගමය විපක්ෂ නායකවරයාගෙන්…