RSS Amplifier

Blog

Thulana Mag

සයිබරයේ සඟරාමය අත්දැකීම

thulanatv.lkSource feed ↗10 posts

Live Last read · last published · next check

Written by

Latest posts

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත් ආණ්ඩුවේ ආකර්ෂණය ඔහුය. ඒ ගැන විවාදයක් නැත. අනෙක් මැති ඇමැතිවරු විගඩමක් වී ඇති තැන ඔහු කෙරෙහි වූ විශ්වාසය තවමත් රැක ගන්නට ඔහු සමත් වී ඇත. ඇත්ත එයය. ලංකා දේශපාලන ඉතිහාසය පුරාම නායකත්වය ඇදහීම, නායකත්වය රැකීම […]

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම පොත් ප්‍රකාශන ආයතන සියයට 40ක ප්‍රමාණයක් ක්ෂේත්‍රයෙන් ඉවත්වී ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි. මුද්‍රිත පොත් සඳහා […]

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. එල් නීනෝ තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ […]

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි අතර මුල් බැසගෙන හමාරය. ලෝකයා කෙතරම් නම් සංවර්ධනය වුවද අපේ මිනිසුන් සුළුතරයක් දෙනා හිතන පතන විදිහ නම් වෙනස් ⁣කිරීමට උත්සාහ දැරීම පවා උගහටය. පහත ලිපියෙන් අද මා කතා කරන්නේ අපි සිනහ වන විට ඉදිරි දත් […]

හදවත් රෝගවලට ඖෂධයක්

හදවත් රෝගවලට ඖෂධයක් – නෙළුම් අල කරිය නෙළුම් අල කියන්නෙ රස වගේම පෝෂණ ගුණයෙන් ඉහළ කෑමක්. විටමින් C, B, තන්තු, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුල නෙළුම් අල ආහාර ජීර්ණය පහසු කිරීමට, සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සහ හෘද සෞඛ්‍යය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. පහසුවෙන්ම නෙළුම් අල කරියක් හදාගන්න හැටි බලමු. • අවශ්‍ය ද්‍රව්‍ය නෙළුම් අල 200g ලුණු […]

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. සරුංගල් යැවීම දරුවන් අතර ජනප්‍රිය වුවද, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම හේතුවෙන් බරපතළ තුවාල මෙන්ම දරුවන්ට ජීවිත […]

බය බිරාන්ත වීම

බය බිරාන්ත වීම බයවීම හෝ නොවීම පිළිබඳව කතාබහේදී මතකයට නැඟෙන කියමන් කිහිපයක් තිබේ. ඉන්, “යකෙක්ටවත් බය නෑ” සහ “යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෑ” යන්න එඩිතර බව හඟවන ප්‍රකාශයන් ය. එමෙන්ම බියෙන් කම්පනයට හා තිගැස්මට පත්වීම සඳහා යෙදෙන යෙදුම් අතර “කකුල් පණ නැතිවීම”, පපුව ගැහීම”, “මල මුත්‍ර පිටවීම” වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. ඉහත ප්‍රකශ සහ […]

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. ඔහු, මේ බව සඳහන් කළේ පසුගිය සෙනසුරාදා (15) පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමග […]

යතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා

යතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා – Backrooms මිනිස්සු විදිහට අපි කවුරුත් 100% ක්ම perfect නැහැ. මිනිස්සුන්ට තියෙන පසුතැවීම්, මුහුණ දෙන්න වුණ අසාර්ථකවීම් සමහර වෙලාවට බිඳුණු මනුස්සයෙක්ව නිර්මාණය කරනවා. ඔහු හෝ ඇයගෙ මනසෙ පැළපැදියම් වෙන මේ පීඩාකාරී සිතිවිලිවලින් ගැළවෙන එක හරිම අසීරුයි. ගොඩක් වෙලාවට අපි ඇත්ත කියලා විශ්වාස කරන දේවලුත් සැබෑ යථාර්ථයත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වෙන්න […]

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික මවුකිරි දීමේ සතියක් පසුගිය පළමුවැනි දා සිට නම් කර තිබිණි. මෙම ලිපිය පලවන්නේ ඒ නිමිත්තෙනි. මවුකිරි යනු මවකට තම දරුවාට දිය හැකි අමිල දායාදයකි. අලුත උපන් දරුවකුට ලොව ඇති වැදගත්ම ආහාරය වනමෙන් මවට මෙන්ම දරුවාටද වාසි බොහොමයකි. රැකියාවක් නොකරන මෙන්ම රැකියාවක නියුතු මවුවරුන්ටද තම බිළිඳාට […]