RSS Amplifier

Blog

newswave.lk

newswave.lkSource feed ↗20 posts

Live Last read · last published · next check

Written by

Latest posts

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 1- 0 ලෙස ජයගනියි

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට ඉන්දයීය කණ්ඩායම අද සමත්විය. ගාල්ලේ පැවැති පළමු තරගය ජයගනිමින් එස්.එස්.සී පිටියේ අද අවසන් වු දෙවැනි තරගයට ද ප්‍රබල ආරම්භයක් ඉන්දයීය කණ්ඩායම ලබා දුන්න ද, ඔවුන්ගේ ජය මාවත අවහිර කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. එස්.එස්.සී පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ […]

නේපාලයේ ගංවතුර ග්ලැසියර් කඩා වැටීමක්-360 මියයති-1300කට වැඩිය අතුරුදන්

නේපාලය සහ ටිබෙට් දේශසීමාවේ ඇති වූ විනාශකාරී ගංවතුරට ග්ලැසියර කඩා වැටීමක් හේතු වන්නට ඇතැයි විශේෂඥයෝ විශ්වාස කරන බව France 24 මාධ්‍ය ආයතනය වාර්තා කර ඇත. ඒ අනුව මෙම අනතුරින් පුද්ගලයන් 360 දෙනෙක් මියගොස් 1300 කට අධික පිරිසක් අතුරුදන් වී ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ. මෙයට පෙර මෙම ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් බවට මත පළ […]

ආපදා ඔරොත්තු දීමේ හැකියාව (Disaster Resilience) වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව අවසන් නොවන ආපදා දාමයක ගමන් කරමින් පවතින බව අපි අත් විඳිමින් සිටින්නෙමු. 2004 සුනාමි රළ, විවිධ කැරළි කෝලහාල, එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම, දිත්වා සුළි කුණාටුව වැනි විවිධ ආපදාවන්ට මුහුණ දෙමින් නැගී සිටි ජාතියකි. තව දුරටත් නොයෙක් ආපදාවන්ට මුහුණ දීමට අපට සිදුවනු ඇත. එල්නිනෝ ආචරණය වැනි අනාගත අභියෝග සහ ආර්ථික සහ සමාජීය සෝදාපාළුව නිසා විවිධ […]

පද්මෙගෙ ෆෝන් 8ක මකපු තොරතුරු හෙළිකර ගනියි

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙනවිත් රැඳවුම් භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග ප්‍රකට සැකකරුවන් පළමුවරට අද(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකාර කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු මෙසේ පැවසූහ. ස්වාමීනි, මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකථන 08ක් සොයාගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත්තා. එම ජංගම…

ත්‍රීරෝද රථ පැදවීමේ වයස 40 සීමාව තවම සළකා බලා නැහැ

ත්‍රීරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු වශයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය. පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය […]

ඩෙංගු තවමත් ඉවර නැහැ – මරණ 71යි-රෝගීන් 94,037

මෙම වසරේ ජනවාරි සිට ඊයේ දක්වා ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 94,037ක් මෙරටින් හමුවී ඇත. මෙම කාලය තුළ ඩෙංගු මරණ 71ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 2019 වසරින් පසු මෙරට වැඩිම ඩෙංගු මරණ සහ ‍රෝගීන් වාර්තා වී ඇත්තේද මෙම වසරේදීය. වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි. 49,771ක් ඩෙංගු […]

බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර මාපාකඩ වැව් රක්ෂිතයෙන් හමුවේ

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරයෙකුගේ සිරුර මහියංගනය මාපාකඩ වැව පිහිටි ප්‍රදේශයේ ගල්තලාවක තිබී අද (24) සොයාගෙන ඇත. මෙම වෛද්‍යවරයා ඖෂධ පෙති රැසක් පානයකර සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සැකකරයි. ඔහුගේ මළ සිරුර ඇති ස්ථානයේ තිබී ඖෂධ පෙති රැසක් පොලීසිය සොයාගෙන ඇත. මෙම වෛද්‍යවරයා ඊයේ (23) සිට අතුරුදන්ව සිට ඇත. පොලීසියත් හමුදාවත් අද (24) උදෑසන […]

ත්‍රිවිල් පදවන්න ලයිසන් දෙන අවම වයස අවුරුදු 40 කිරීමේ සූදානමක්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා කීය. ”අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු […]

හංවැල්ලේ පාතාල භීෂණය පැතිරවූ බස් ලලියා ඩුබායි සිට රැගෙන එන්න සියල්ල සූදානම්

මාස 10ක් තිස්සේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ඩුබායි හීදී අත්අඩංගුවට ගත් ලලිත් කන්නන්ගර නැමැති පාතාල අපරාධකරු හෙට (24) රාත්‍රීයේදී ඩුබායි සිට මෙරටට රැගෙන ඒමට නියමිතය. ඔහු රැගත් ගුවන් යානය අනින්දා (25) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගොඩබස්සවනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශත්, රාජ්‍ය බුද්ධි සේවයත් ඩුබායි පොලීසිය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුගිය වසරේ…

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දිවි සැරිය නිමා කරයි

– ඇයගේ කැමැත්තට අවමංගල්‍ය සභා නෑ. – අවසන් කටයුතු සෙනසුරාදා සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී… හෙළයේ ගීත කෝකිලාවිය, ජාතියේ යශෝරාවය ලෙස දශක ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔටුනු පලන් රැජිනිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී අද (20) සිය දිවිගමනට සමු දුන්නාය. මියයන විට ඇය 82 වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී […]

අලුත් ත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම’ සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එම කැබිනට් තීරණය මෙ‍සේය. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මත එකී කරුණට අදාළව මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් […]

ඉන්දිය ඉනිම 193කට සීමා වේ. ලංකාවට 372 ඉලක්කයක්

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දයීය දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා විය. අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉන්දයීය ඉනිමේ බලාපොරොත්තු සුන් කළ පන්දු යවන්නා බවට පත්විය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 43ට කඩුළු 3යි. වේගපන්දු යවන ළහිරු කුමාර ලකුණු 28කට කඩුලු දෙකක් සහ කේශර නුවන්ත ලකුණු 86කට එක් කඩුල්ලක් දවා ගත්හ. […]

ඉන්දියාව 300 ඉක්ම වූ ඉලක්කයට ළඟා වෙයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම තවත් කඩුළු 6ක් අතැතිව ලකුණු 300ක් ඉදිරියෙන් සිටියි. පළමු වාසිය ද සමඟ ඔවුන් මෙසේ ලකුණු 300 ඉක්මවූ ඉලක්කයක් කරා ළඟා වී තිබේ. ඉන්දයීය කණ්ඩායම සියලුදෙනා දැවී පළමු ඉනිමට ලකුණු 462ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 284කට සීමා විය. ඒ […]

මෝදර චතූ ඕමානයේ සිට රැගෙන එයි

ඕමානයේ සැගවී සිටි , සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන , කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමති අය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් , ඕමානයේ සිට අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ . කොළඹ – 15 , මෝදර , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි , 38 හැවිරිදි […]

කංජිපානිගේ ඥාති සහෝරයාට වෙඩි තබා මරා දැමුවාට කාන්තාවක් එක්ක 05ක් අල්ලයි

කංජිපානි ඉම්රාන් නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ ඥාති සහෝදරයෙකු වන ව්‍යාපාරිකයෙකුට කොළඹ සංඝරාජ මාවතේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ‍යෙන් කරනු ලබන විමර්ශනයන්ට අදාලව සැකපිට කාන්තාවන් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (17) උදෑසන කාන්තාවක් සමඟ ‍දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. කාන්තාව අවුරුදු 23ක් වන […]

22 සංශෝධනය අද පාර්ලිමේන්තුවට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්ප අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පනත් කෙටුම්පතක ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට…

ග්‍රෙගරි වැවේ ගිලුණු දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය (4RU) මඟින් ඊයේ (16) නිරුපද්‍රිතව බේරා ‍ගන ඇත. ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම අනතුර නිරීක්ෂණය කර […]

සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුලවේ

-දරුවන්ගේ ආරක්ෂාව පිළිබද ළමා රෝහලේ අධ්‍යක්ෂවර යාගෙන් දැනුම්දීමක්! පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇත. ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා […]

ලොකු කුඩා ජලාශ රැසක ජල මට්ටම පහළ යයි

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලොකු කුඩා ජාලාශ රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බව වාර්තා වේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එම දෙපාර්තමේන්තුවේ ජාලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වනවිට සියයට 37 දක්වා පහළ බැස තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුඩා වැව්වලට මෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇති බව […]

ශිරාන් බාසික් සීසීඅයිබී බාර දෙයි

ඩුබායි සිට ඊයේ රාත්‍රි මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇත. බාසික් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මෙලෙස එම කාර්යාංශයට භාර දී තිබේ. ඩුබායි පොලිසියි විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් ඊයේ රාත්‍රියේ අබුඩාබි සිට කටුනායක දක්වා රැගෙන ඒමෙන් පසු මෙලෙස වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට […]