News source
Lanka C News: Breaking News & Current Events in Sinhala Lanka C News: Sri Lanka's leading independent Sinhala news portal. Get the latest breaking news, critical political analysis, and comprehensive coverage of current events, business, and social issues across the island. We offer a distinct voice on national affairs, delivering prompt updates from Colombo and all provinces. Your source for unfiltered Sri Lankan news and commentary.
Subscribe: .rss .atom .json .md
Overdue Last read 10 hours ago · last published 10 hours ago · next check scheduled Last read 10 hours ago, longer than this feed's 1 hour schedule.
featured arts auto economy foreign local market sports technology translated පත මහත Latest articles රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ මහජන ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය පියවර ගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවකට ඒක්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම පියවර…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරයට මෙවැනි ප්‍රකාශ හරහා බලපෑම් එල්ල වන බවයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට හා ඒ ආශ්රිත ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තැපැල් සේවාවක් සැලසීම අරමුණු කරගනිමින් , රුපියල් මිලියන 14.7 ක වියදමින් ඉදිකරන ලද පොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) ජනතා සේවයට විවෘත කරන ලදී . පොකුණුවිට ප්‍රදේශයේ ජනතාවට වඩාත් විධිමත් , කාර්යක්ෂම හා පහසු තැපැල් සේවාවක්…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
බේරුවල දුම්රිය මාර්ගය අසල තිබී හිස සහ කඳ වෙන්ව ගිය අභිරහස් මළ සිරුරක් සොයාගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මතුගම, ලිහිනියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ හිස එක් ස්ථානයකත්, බඳ කොටස තවත් ස්ථානයකත් තිබී හමුවී ඇති අතර ඔහු සතු ගමන් මල්ලක් ද ඒ අසල තිබී පොලිස් භාරයට ගෙන තිබේ. මෙම මරණය දුම්රියට පැන සිදු කරගත් සියදිවි නසාගැනීමක් ද නැතහොත්…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
පෙරහර ඇතුළු ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගැනීම නියාමනය කිරීමේ අරමුණින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීමේදී නිසි පාලනයක් ඇති කිරීම, වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි යාවත්කාලීන නෛතික රාමුවක් සකස් කිරීම මෙහි මූලික අරමුණ වී ඇත. මේ සඳහා වන කැබිනට්…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹදී පැවති නීතිඥ හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළේය. මෙම හමුවේදී ඔහු පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය සැබවින්ම යහපත් අරමුණකින් ගෙන එන්නක් නම් එය මීට මාස හයකට පමණ පෙර ප්‍රකාශයට පත් කිරීමට රජයට හැකියාව තිබූ බවයි. ආණ්ඩුව පවසන කරුණු ඒ අයුරින්ම පිළිගැනීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන ලෙස ඔහු මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස පොලිස් භාරයේ පසුවෙන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගෙන් අනාවරණය වෙන තොරතුරු අනුව ඔහුගේ ජාවාරම් කාර ව්‍යාපාරික කටයුතුවලට සහය දෙන දේශීය සහ විදේශීය සැකකරුවන් සිව් දෙනකු ද ඉදිරි දින කීපයේදී පොලිස් භාරයට ගැනීමට නියමිතය. මෙම පිරිස අතර දැනට ඩුබායි සිටින කාන්තාවක ද වන බව මධ්‍යම අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම කාන්තාව බාසික් ළඟින්ම ඇසුරු කරන…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය අදහස් දැක්වූවාය. වසම් 72ක් ආවරණය වන පරිදි කාන්තා සභා ද ඇතුළුව සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇය සඳහන් කළාය. ලබන 5 වනදා අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
අගවිනිසුරුවරයාගේ ඇතැම් ප්‍රකාශ සහ හැසිරීම් විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. අගවිනිසුරුවරයා සියලු දෙනාට යාඥා කරන ලෙස පවසා ඇති බවත්, ඔහු අධිකරණ නිලධාරියෙකුද නැතහොත් පාස්ටර්වරයෙකුද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. සභාව අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය රැකගත යුතු ඉහළම නිලධාරියා…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරක් පමණ සහ රැකියා විරහිත විශාල පිරිසක් සිටියත් ඔවුන්ට අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. "අපනයනය ක්ෂේත්රයට අවශ්‍යම ටෙක්නිකල් එක්ස්පර්ට්ස්ලා, අත්‍යාවශ්‍යම සේවාවන් සපයන අය හොයාගන්න නැහැ කියන ප්රශ්නය තියෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් ඒ වගේ අයට මොනවද…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළව ඉතා තීරණාත්මක විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී ඇති බව Mee Massoo TV යූ ටියුබ් නාලිකාව වාර්තා කරයි. එම වාර්තාවට අනුව, අදාළ අපරාධය සිදුවූ බව කියන ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් පාපිස්සක තැවරී තිබූ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒවා පල්ලේගම හේමරත්න හිමියන්ගේ DNA රටාව සමඟ සැසඳෙන බව…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (22) සමත් විය. ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 88.14ක දුරක් හෙල්ල විසිකරමින් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළේය. විශේෂත්වය වන්නේ ලෝක ශූරයෙකු වන ඉන්දියාවේ නිරාජ් චොප්රා පරාජය කරමින් රුමේෂ් මෙම ජයග්‍රහණය…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට (21) දින වන විට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය . කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි -0.6 1/2 ක් දක්වා ලගා වි ඇති බවත් , එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 4 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් , මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.7 ක් දක්වා ලගා වී ඇති බවත් , එම ජලාශයට…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
රජය 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමට විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් පැවeසීය. දැන් යුද්ධයක් නැතත් ඩයස්පෝරාවට ඇති තරම් මුදල් පෙර පරිදිම ලැබෙන බැවින් අදාළ මුදල් රඳවා ගැනීමටනම් ඔවුන් ප්‍රතිඵල පෙන්විය යුතු බවත්, ඒ අනුව විය හැකි දේ කල්පනා කර බැලිය යුතු බවත්, ඔහු කීය. "අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු" යැයි SOS සංවිධානය විසින් අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍යය සහ 22 වැනි…
Aug 22, 2026 · noreply@blogger.com (Unknown)
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතු වැඩපිළිවෙළ යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාර තුන මුලික කර ගනිමින් එම යාන්ත්‍රණය පිහිටුවීම සහ ඒ පිළිබඳව රාජ්‍ය ආයතන නිලධාරීන්…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, පසුගිය ජුනි 07 වැනිදා සිට අපරාධ පරීක්ෂණ…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (21) කොළඹ පිහිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ පැය හයක පමණ කාලයක ප්‍රකාශයක් ලබා දී ඇත. ඒ සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරන ලද කැඳවීමකට අනුවය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, තමන්ට එරෙහිව එල්ල වන දේපළ චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළේය. පසුගිය…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Fair Comment' නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම ආයතනය වාර්තා කරයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය සිදු කරන ලෙස 'Fair Comment'…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් නිශ්කාශන අංශයේ දත්ත පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්, නිශ්කාශන සහතික ලබා ගැනීමට අපේක්ෂා කරන මහජනතාව වෙනුවෙන් තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, නිශ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය කිරීම සිදු කරන මධ්‍යගත දත්ත පද්ධතිය පසුගිය 20 වනදා දහවල් සිට…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
විදේශ ප්‍රේෂණ ලැබීමේ පවතින ධනාත්මක ප්‍රවණතාවය හමුවේ 2026 වසර අවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 9ක ඉලක්කය කරා සාර්ථකව රැගෙන යා හැකි බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2026 වසරේ ගතවූ මුල් මාස හත තුළ පමණක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 5කට අධික ප්‍රේෂණ…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
මෙරට දුම්රිය සේවාව නවීකරණය කිරීමේ අරමුණින් නව දුම්රිය එන්ජින්, පවර් සෙට් සහ දෙපැත්තටම ධාවනය කළ හැකි (Bi-directional) දුම්රිය කට්ටල රැසක් අලුතින් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දුම්රිය මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය මාර්ග දිගු කිරීමේ සැලසුමක් දැනට නොමැති වුවද,…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
මතුපිට උද්ධමනය 2026 ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට 7.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය 2023 ජූනි මාසයේ වාර්තා වූ 12%ක උද්මනයෙන් පසු වාර්තා වන වැඩිම උද්දමන අගයයි. එම වාර්තාවට අනුව, ජූලි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 4.9 ක් ලෙස සටහන් වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 9.2 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබේ. මෙම මාසික වෙනස්වීම සඳහා ආහාර…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නමින් උදාගම්මාන දෙකක් නම් කිරීමට තමන් කළ යෝජනාව ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව අනාවරණය කළේය. "නන්දා මාලිනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ මෙරට පරම්පරා ගණනාවකට සමාජ සාධාරණත්වය සහ විමුක්තිය උදෙසා මඟ පෙන්වූ මාලිමාවක් බඳු වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිස දේශපාලන ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමටත් පෙර, ඇයගේ…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මිය සැමවිටම නව ලොවක් වෙනුවෙන් හඬ අවදි කළ අසහාය කලාකාරිනියක වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ අලුත් සමාජයක්, අලුත් රටක් සහ අලුත් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු ජනිත කළ බවයි. විශේෂයෙන්ම…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
විභාග ප්‍රතිඵලවලින් පමණක් පුද්ගලයෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් සාර්ථක නොවන බවත්, දරුවන්ගේ සමස්ත සංවර්ධනය කෙරෙහි වඩාත් පුළුල් ලෙස අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අධ්‍යාපන හා පෝෂණ ක්ෂේත්රයට අදාළ කරුණු කිහිපයක් සභාවට ඉදිරිපත් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, දරුවන්ගේ නිවාඩු කාලය තුළ…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කලේය. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා වන්දි චෙක්පත් ප්රදානය කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙහිදී…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
රතුගල ආදිවාසී නායකත්වයේ හදිසි වෙනසක් සිදුව ඇති බවත්, මාස තුනක් වැනි කෙටි කාලයක් එම ධුරය හෙබවූ නිශාන්ත කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් අනාවරණය කර තිබේ. බදුල්ල, දඹාන ප්‍රදේශයේ පැවැති ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට පෙර දින රැස්වූ සාම්ප්‍රදායික 'වරිගේ සභාවේදී' නිශාන්ත කුමාර මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත. තමන් මුහුණ දී සිටින පෞද්ගලික සහ ආර්ථික…
Aug 21, 2026 · noreply@blogger.com (Unknown)
දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන මෝහිණි ඇලට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන් . ඩී . නිරෝෂන් මහතා පැවසීය . වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රාත්‍රී 11:00 ට පමණ නල්ලතන්නි පොලිසිය වෙත පැමිණ තමන්ට ශ්‍රී පාද සංචාරයක් සදහා යෑමට අවශය බව…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම්…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා චාම් අයුරින් සිදු කිරීමට පවුලේ සාමාජිකයන් තීරණය කර ඇති බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, එතුමියගේ දේහය සිකුරාදා පෙරවරු 10.00 ට ඇය පදිංචිව සිටි නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන "නන්දා මාලිනී සංගීත ආශ්‍රමය" වෙත…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන බරපතළ චෝදනා පිළිබඳව රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. නියෝජ්‍ය කථානායකවරයා අමතමින් ඇය පෙන්වා දුන්නේ යූ ටියුබ් නාලිකාවක් මගින් අගවිනිසුරුවරයාගේ පෞද්ගලික තොරතුරු හා ලේඛන සම්බන්ධයෙන් විවිධ අනාවරණයන් සිදු කර ඇති බවයි. විශේෂයෙන්ම ඔහුගේ කොතලාවල ආරක්ෂක…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාවේ අසහාය සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලනිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 82 වැනි වියේ පසුවූ අතර, නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. 1943 අගෝස්තු මස 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ග්‍රාමයේදී උපත ලැබූ නන්දා මාලනිය මහත්මිය, පවුලේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැනි දරුවා ලෙස මෙලොව…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා පසුගිය දින කිහිපය පුරාම යම් අසනීප තත්ත්වයකින් පසුවී ඇති බවයි. විහාරස්ථාන පරිශ්‍රය තුළදීම මෙම වෙඩි තබා ගැනීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ ඔහු එම…
Aug 20, 2026 · noreply@blogger.com (Unknown)
← Prev ✦ Random Next → Visit ↗ Feed Kagi ↗