RSS Amplifier

News source

Gossip Lanka News

Underground News from Sri Lanka

gossiplankanews.comSource feed ↗44 articles

Overdue Last read · last published · next check
Last read 12 hours ago, longer than this feed's 1 hour schedule.

Latest articles

හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන තොරතුරු දීම ඕස්ට්‍රෙලියානු රජය ප්‍රතික්ෂේප කරලා

මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් දැඩි සංවාදයක් ගොඩනැගී ඇති පසුබිමක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු මුදාහැරීම ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කරන අන්දමට, ප්‍රසිද්ධ නීතිඥ සහ සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඕස්ට්‍රේලියාවේ 1982 අංක 3 දරන තොරතුරු…

ඩුබායිහිදී ඇල්ලූ බස් ලලිත් තොරතුරු වමාරයි

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ මෙරටට ගෙන ඒමෙන් අනතුරුව පැය 72ක රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. මෙම විමර්ශන හමුවේ සැකකරු විසින් සිදුකරන ලදැයි සැකකෙරෙන මිනිස් ඝාතන රැසක තොරතුරු සහ රහස් මේ වන විට විමර්ශන නිලධාරීන් හමුවේ අනාවරණය වී ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය…

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක video ව නිසා පරීක්ෂණයක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීමක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ. ඒ අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පිටත රාජකාරි කරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ තම පියාට පොලීසිය පහර දුන්…

කුඩු ගැසූ මාකුඹුර ඩ්‍රයිවර් කොන්දොස්තරලා 9 ක් හදිසි පරීක්ෂාවකදී හසුවේ

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රථ රියැදුරන් හතරදෙනෙකු සහ කොන්දොස්තරවරුන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඊට අමතරව නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව සේවයේ නිරතව සිටි කොන්දොස්තරවරුන් තිදෙනෙකු ද පරීක්ෂණ අතරතුරදී හඳුනාගෙන ඇත. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාකුඹුර බහුවිධ…

ජපන් අගමැතිනියට කැරපොතු බියක්

ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන 65 හැවිරිදි සනායේ ටකායිචි මහත්මිය සිය නිල නිවසේ ගෙවන හුදකලා ජීවිතය සහ සේවා රටාව පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ තොරතුරු හෙළිදරව් කර තිබේ. පාලක ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඇය, පසුගිය දෙසැම්බර් මාසයේදී ටෝකියෝ හි පිහිටි නිල නිවසට පදිංචියට පැමිණි අතර වර්තමානය වන විට ධුරයට පත්ව මාස 10 ක කාලයක් ගතවී ඇත. සති අන්තයන්හි මෙන්ම රාත්‍රී කාලයේදීත් දීර්ඝ…

22 ට එරෙහිව පෙත්සම් ගහද්දී පක්ෂවත් පෙත්සමක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ දැමීම අරමුණු කරගනිමින් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන මගින් මහජන පරමාධිපත්‍යයට හෝ අධිකරණ ස්වාධීනත්වයට කිසිදු…

පද්මේගේ දුරකථනයෙන් හෙළිවූ නිළියන්ගේ සාක්ෂි අධිකරණයේදී විස්තර වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ජාත්‍යන්තර රතු වරෙන්තුවකට අනුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන 2025 අගෝස්තු 31 වැනිදා මෙරටට ගෙන එන ලද මොහු,…

ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සඳහා චීනය මුල්වරට නීති සකසයි

ස්වයංක්‍රීයව ධාවනය වන වාහන පිළිබඳ විශේෂිත පරිච්ඡේදයක් ඇතුළත් කරමින් චීනය සිය මාර්ග ගමනාගමන ආරක්ෂණ පනත සඳහා ප්‍රධාන සංශෝධනයක් යෝජනා කර ඇති අතර, එය ජාතික මට්ටමේ නීති සම්පාදනයකදී ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය අමන්ත්‍රණය කළ පළමු අවස්ථාව ලෙස සලකුණු වේ. 2026 අගෝස්තු 25 වන දින මෙම කෙටුම්පත පළමු වටයේ සමාලෝචනය සඳහා චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. 2026…

කෝටි ගණන් වංචා කළ ගොඩගම Car Sale හිමියා අත්අඩංගුවට

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අලෙවි මධ්‍යස්ථානයක් හරහා රථවාහන මිලදී ගන්නන් සහ විකුණන්නන් මුලා කරමින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ එහි හිමිකරු අද (25) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මෙනවිය නියෝග කළාය. මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ මහබද්දගේ චාමර හවන්ත නමැති සැකකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පුද්ගලයන් 15…

ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී වෙළඳ තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී වෙළඳ තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ හඳුනානොගත් ප්‍රහාරයකින් එහි එන්ජින් කාමරයට දැඩි හානි සිදු වී නෞකාව අක්‍රිය වී තිබේ. එක්සත් රාජධානියේ සාගරික වෙළඳ මෙහෙයුම් ආයතනය (UKMTO) විසින් අංක 120-26 යටතේ නිවේදනයක් නිකුත් කරමින් මෙම සිදුවීම සෘජු ප්‍රහාරයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එය 2026 අගෝස්තු 24 වන දින ග්‍රිනිච් වේලාවෙන් පැය 20:25 ට…

බීජිංහිදී චීන රොබෝ උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව අභිබවා යයි (Video)

චීනයේ පැවැත්වෙන ලෝක මානුෂරූපී රොබෝ තරඟාවලියේදී මීටර් 100 දිවීමේ තරඟය තත්පර 9.39 කින් නිම කිරීමට මානුෂරූපී රොබෝවෙකු සමත් වී තිබේ. බීජිං මානුෂරූපී රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය (Beijing Innovation Centre of Humanoid Robotics) මගින් නිර්මාණය කරන ලද මෙම රොබෝවා, මීටර් 100 ඉසව්වේ මිනිසෙකු තබා ඇති ලෝක වාර්තාව අභිබවා ගියේය. ඔලිම්පික් රන් පදක්කම් අටක හිමිකරුවෙකු වන උසේන් බෝල්ට් විසින් 2009 වසරේදී මීටර් 100…

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්

මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්, පත්කළ කමිටු සාමාජිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන්…

තංගල්ල බේ හෝටලය මිලදී ගැනීමට අදාළව නාමල් ප්‍රශ්න කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටිමින් පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ. මුහුදු තීරයේ පිහිටි තංගල්ල බේ හෝටලය මිලදී ගැනීමට අදාළව සිදුකෙරෙන දීර්ඝ විමර්ශනයකට සම්බන්ධයෙන් ලබාදුන් කැඳවීමකට අනුව ඔහු මෙසේ පෙනී සිට ඇත. රාජපක්ෂ පවුලට සම්බන්ධ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව…

රාගම අනතුරකින් දැරියක මරුට

රාගම - වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් පාලනය කරගත නොහැකිව සිදු වූ රිය අනතුරකින් අටහැවිරිදි දැරියක් මියගොස් ඇගේ මව සහ සහෝදරයා බරපතල තුවාල ලබා තිබේ. රාගම සිට වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සහ තවත් ලොරි රථයක ගැටී ඇත. අනතුරුව එම ලොරි රථය මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි මව සහ ඇගේ දරුවන් දෙදෙනා ද යටකරමින් නතර වී තිබේ.…

මොණරාගල කළු පාලමේ අනතුරින් ට්‍රැක්ටරයේ ගිය පස්දෙනා මියගිය හැටි හෙළිවෙයි

වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන පාලම අසලදී ඊයේ අලුයම සිදු වූ දරුණු රථවාහන අනතුරකින් වන්දනාකරුවන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. කබිලිත්ත දෙවාලයේ පූජාවකට සහභාගී වීම සඳහා පල්වත්ත සහ හොරබොක්ක ප්‍රදේශවල සිට ට්‍රැක්ටර් රථ තුනකින් ගමන් කරමින් සිටි පිරිසක් අතුරින් එක් ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අම්පාර දෙස සිට වැලි පටවාගෙන මාතර දෙසට අධික වේගයෙන් ධාවනය…

Nanda Malani's Funeral (Photos)

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ ඇගේ දේහයට ඊයේ සිට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ. අද පස්වරු 3.30ට ආරම්භ වූ රිය පෙරහැරකින් දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන ආ අතර, ඇගේ අන්තිම කැමති පත්‍රයට අනුව කිසිදු ගුණකථනයක් හෝ උත්සව සභාවක්…

ලේසර් කිරණ ඇසට වැදී යාපනයේ 150 ක් රෝහලේ

යාපනය බණ්ඩාරතරිප්පු ප්‍රදේශයේ පිහිටි මුරුගමූර්ති කෝවිලේ පැවැති උත්සවයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ඇස් ආශ්‍රිත අසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඉකුත් 20 වැනිදා පැවැති මෙම උත්සවයේදී භාවිත කරන ලද අධිබලැති ලේසර් කිරණ සහ රතිඤ්ඤා දැල්වීමෙන් පිටවූ අධික දුමය මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වාර්තා වේ. එම උත්සව භූමියේ තිබූ අධික දුමාරය සහ ප්‍රබල ලේසර්…

රහුල් ඩ්‍රවිඩ්ගෙන් සූර්යවංශී ගැන අනාවැකියක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ප්‍රධාන පුහුණුකරුවෙකු වන රාහුල් ද්‍රවිඩ්, වයස අවුරුදු 15ක් වන නැගී එන සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශි අනාගත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය උදෙසා ප්‍රධාන සාධකයක් විය හැකි බව ප්‍රකාශ කරයි. යුරෝපීය ටී-20 ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඩබ්ලින් ගාඩියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස එක්වෙමින් ඩබ්ලින්හි පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ද්‍රවිඩ් සඳහන් කළේ, මෙම…

ඉන්දුනීසියාවේ බාලි ගිහිං හින්දුන්ට අපහාස කළ ස්විස් ජාතිකයා වසරක් හිරේ

ඉන්දුනීසියාවේ බාලි ද්වීපයේ හින්දු භක්තිකයන්ගේ පූජනීය 'නියෙපි' (Nyepi) නැමැති නිශ්ශබ්දතාවයේ පූජෝත්සවයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන ප්‍රචාරය කළ 26 හැවිරිදි ස්විට්සර්ලන්ත ජාතික සංචාරකයෙකුට බාලි හි දෙන්පසාර් මහාධිකරණය මගින් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 2026 අගෝස්තු 20 වන බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මෙම නඩු තීන්දුවට අනුව, ලූසියන් අන්ද්‍රින් ස්ග්‍රැගන් නමැති මෙම ඉදිකිරීම්…

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමේ shopping mall එකක් රුසියාව වනසයි - මරණ 16

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කිගේ උපන්ගම වන ක්‍රිවී රිහ් (Kryvyi Rih) නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට රුසියානු හමුදා එල්ල කළ ද්විත්ව ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 130 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. 2026 අගෝස්තු 21 වන සිකුරාදා පස්වරුවේ සිදුවූ මෙම ශෝකජනක සිද්ධියෙන් පසු, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ බරපතල මෙහෙයුම් සෙනසුරාදා දවස…

ළමා මනසට සිදු කළ හානියට TikTok සමාගම ඩොලර් මිලියන 400ක වන්දි ගෙවයි

ළමුන්ගේ මාර්ගගත පෞද්ගලිකත්වය සුරැකීමේ නීති උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා නිරවුල් කරගැනීම සඳහා ටික්ටොක් (TikTok) සමාගම සහ එහි මාතෘ සමාගම වන බයිට්ඩෑන්ස් (ByteDance) ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වන්දියක් ගෙවීමට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ. 2026 අගෝස්තු 21 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම එකඟතාව, ඇමෙරිකාවේ ළමා මාර්ගගත පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත (COPPA) යටතේ මෙතෙක්…

මැද පෙරදිග බිරිය මුදල් නොඑවූ නිසා දරුවන්ට පහරදී වීඩියෝ කළ සැමියා අත්අඩංගුවට

මැදපෙරදිග කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත සිය බිරිඳගෙන් මුදල් ඉල්ලා, එම මුදල් නොඑවන්නේ නම් දරුවන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කරමින් ඔවුන්ට පහර දී එම දර්ශන වීඩියෝ කර යැවූ 27 හැවිරිදි පියෙකු බලන්ගොඩ, පින්නවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බලන්ගොඩ පින්නවල, ගඟ අද්දරපාර, වලවේ කොටස ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර් නමැති මෙම සැකකරු මීට පෙර වතු කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, පසුව නිවසේ රැඳී සිටිමින් සිය…

'ගරුසරු දැක්වීමේ' ගැටලුවක් නිසා කැලණි සරසවි ගැටුමක් - 7 ක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව සිසුන් හත්දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සිව්වැනි වසරේ සිසුන් තිදෙනෙකු සහ තෙවැනි වසරේ සිසුන් සිව්දෙනෙකි. විශ්වවිද්‍යාල ආපනශාලාව අසලදී මෙම ගැටුම හටගෙන ඇති අතර, තෙවැනි වසරේ සිසුන් විසින් සිව්වැනි වසරේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට සුදුසු පරිදි ගෞරව නොදැක්වීම…

"අම්මේ, ඇයි සුදු අඳින්නෙ කියලා අපි කවදාවත් අහල නෑ..." - නන්දාගේ ලොකු දුව වරුණි

මේ සමග පළවන්නේ සමුගත් නන්දා මාලනිය ජීවත්ව සිටි කාලයේ ඇයගේ වැඩිමල් දියණිය වරුණි සමග සිදුකළ පුවත්පත් සාකච්ඡාවකි. සුරංගනා කතාවලට නොව මේ මහපො‍ළොව මත පයගසා ජීවත් වන්නට සිය දියණියන් දෙදෙනාට ඉගැන්වූ ඇය එතැනින් නොනැවතී මුළු සමාජයේම දියණියන්ට ජීවිතය ගැන කියා දුන්නා ය. ඇගේ ගීත අර්ථවත්ය. ඒ ඇය ගී පද රචකයන්ගේ තෝරා බේරාගත් හොඳ නිර්මාණ ඇසුරේ ගායිකාවක ලෙස කටයුතු කළ නිසාය. ඇය නන්දා මාලනිය නම් වන්නීය. විශාරද නන්දා…

කඩෙන් ලූණු හොරකම් කරපු දවසේ අම්මා මාව පාර දිගේ ඇදගෙන ගියා - නන්දා මාලනී

දිවියෙන් සමුගත් විශාරද නන්දා මාලිනී සිංහල ගී ක්ෂේත්‍රයට කුරවී කෙවිලියක වැනි විය. හුදු ගායිකාවකට වඩා ජනතාවගේ පැත්ත සිට හඬ නැගූ මේ ගායිකාව චාම් බවේ සංකේතයකි. පුරා දශක ගණනාවක් ඇය සැරසුනේ සුදුවතින්. කලකට ඉහත ඇය තම මෑණියන් පිළිබඳ මතකය අවදි කර තිබුනේ මෙන්න මේ විදිහටයි. "මගේ අම්මා ලියනගේ එමලි පෙරේරා. අලුත්ගම වැලිපැන්න ලෙවන්දුව ඇගේ ගම් පළාත වුණා. මගේ තාත්තා ටේලර් කෙනෙක්. මිරිහාන ආරච්චිගේ වින්ස්ටන් පෙරේරා.…

හැංගි හොරා නීතීඥවරුන්ට අයත් පාරකින් පල්ලෙගම හිමි උසාවියට ආ හැටි ගැන පරීක්ෂණයක්

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වූ ආකාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නියෝග කළේය. අධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ධර්මසිරි මහතා වෙත මෙම නියෝගය ලබා දී…

පෙරහැරට අලි ඇතුන් ලබාදීම නීතිගත කරන්න නව ගැසට් පත්‍රය ළඟදීම

පෙරහැර සහ අනෙකුත් ආගමික උත්සව සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ ක්‍රියාවලිය නීතිමය වශයෙන් විධිමත් කිරීම සඳහා වන නව ගැසට් නිවේදනය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. මෙම පියවර හරහා සංස්කෘතිකමය හා ආගමික වැදගත්කමකින් යුත් පෙරහැර මංගල්‍යයන් වෙනුවෙන් අලි ඇතුන් සපයාදීමේ සේවාව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම…

නාමල් වටේ ඉන්න සෙනග ආණ්ඩුවට දරාගන්න බැරි නිසා FCID කැඳවනවා – ජොන්ස්ටන්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා ගොඩනැගී ඇති ජනතා බලය ආණ්ඩුවට දරාගත නොහැකිවීම හේතුවෙන් ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (21) නාමල් රාජපක්ෂ මහතා FCIDය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය මන්ත්‍රීවරයාගේ සාර්ථකත්වය හමුවේ ආණ්ඩුව ගන්නා අසාර්ථක උත්සාහයක් බවත්, මෙම…

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ප්‍රබල පිතිකරු හෂාන් තිලකරත්න මහතා පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන අදාළ පත්වීම ලබන වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත. වසර 1989 සිට 2003 දක්වා කාලය තුළ ජාතික කණ්ඩායම නියෝජනය කළ හෂාන් තිලකරත්න, ටෙස්ට් තරග 83කට සහ එක්දින තරග 200කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 8,200ක් රැස්…

අතුරුදහන්ව සිටි 18 හැවිරිදි ඕස්ට්‍රෙලියානු කඳු නගින්නියගේ සිරුර දින අටකට පසු හමුවේ

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නැටායි ජාතික වනෝද්‍යානයේ අතුරුදහන්ව සිටි 18 හැවිරිදි ලිලී හූපර් නැමැති අත්දැකීම් සහිත කඳු නගින්නියගේ සිරුර දින අටක සෙවුම් මෙහෙයුමකින් පසුව සොයාගෙන තිබේ. සිඩ්නි නගරයට නිරිත දෙසින් පිහිටි සදර්න් හයිලෑන්ඩ්ස් ලඳුකැලෑ ප්‍රදේශයේ තිබී සොයාගත් ඇගේ සිරුර මේ වන විට ගුවන් මගින් ඉවත් කරගෙන ඇති අතර, ඇගේ අනන්‍යතාව නිල වශයෙන් තහවුරු කර ගැනීමට සහ මරණයට හේතුව අනාවරණය කර…

හැරී මෙගන් වසර 6 කට පසු නැවත UK පදිංචියට ඒම නිසා නොසන්සුන්තාවක්

හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මාකල් මහත්මිය වසර හයක ඇමෙරිකානු වාසයෙන් පසුව නැවතත් දීර්ඝ කාලයක් සඳහා එක්සත් රාජධානියට පැමිණීමට තීරණය කර තිබේ. මෙම පුවත බ්‍රිතාන්‍ය මහජනතාව සහ රාජකීය පවුල අතර දැඩි ආන්දෝලනයක්, කුතුහලයක් මෙන්ම නොසන්සුන්තාවයක් ද ඇති කිරීමට සමත්ව ඇත. මෙම හදිසි තීරණය හේතුවෙන් තෙවන චාල්ස් රජු මෙන්ම විලියම් ඔටුන්න හිමි කුමරු ද දැඩි ලෙස නොසන්සුන් වී ඇති අතර, විලියම් කුමරු තම බාල…

විවාහ වන බවට පොරොන්දු දී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික අතවර කළ හිටපු නගරාධිපති රිමාන්ඩ්

විවාහ වන බවට පොරොන්දු දී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා ලැබ සිටින අක්කරපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකි අතාවුල්ලා ලබන සැප්තැම්බර් මස 1 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අක්කරපත්තුව මහ නගර සභාවේ සේවය කළ අදාළ රජයේ නිලධාරිනිය, හිටපු නගරාධිපතිවරයා තමන්ට විවාහ පොරොන්දු දී ලිංගික ලෙස අපයෝජනය කළ බවට…

ඇස්වහ දෝෂයන් පහකිරීමේ මුවාවෙන් සංක්‍රාන්ති ලිංගිකයෙකු ඇවිත් අතවර කරලා

මුම්බායි හි පිහිටි තට්ටු නිවාස සංකීර්ණයකදී 25 හැවිරිදි ගුවන් සේවිකාවක අපයෝජනයට ලක් කිරීමේ පුවතක් වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි අනිල් ෂින්ඩේ නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාල පුද්ගලයා සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස වෙස්වලාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වේ. රෝහල්ගත කර සිටින ඇගේ ස්වාමිපුරුෂයාට වැළඳී ඇති අසනීප තත්ත්වය සහ පවතින ඇස්වහ දෝෂයන් පහකිරීමේ මුවාවෙන් සැකකරු ඇගේ මහල්…

ෆිල්ගැස්ට්‍රීන් එන්නත හිඟවීමෙන් පිළිකා කිමෝ ප්‍රතිකාර අඩාල වෙලා

මෙරට රෝහල් රැසක පිළිකා රෝගීන් සඳහා ලබාදෙන කිමෝ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත්තේ ෆිල්ගැස්ට්‍රීන් නමැති අත්‍යවශ්‍ය එන්නත හිඟවීම හේතුවෙනි. ආනයනය කරන ලද එන්නත් තොගයේ අඩංගු ලේබලයට අදාළව මතුව ඇති තාක්ෂණික ගැටලුවක් මුල් කරගනිමින්, එම එන්නත් රෝගීන් අතර බෙදාහැරීම අත්හිටුවා තිබීම මෙම දැඩි අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිල ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ චීනයෙන් නිෂ්පාදනය…

දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම නිසා තරුණ පරපුර අතර මාරාන්තක Deep Vein Thrombosis ඉහළට

දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම හෝ වැතිරී සිටීම හේතුවෙන් යෞවන යෞවනියන් ඇතුළු තරුණ පරපුර අතර පයේ ගැඹුරු ශිරා තුළ ලේ කැටි ගැසීමේ (Deep Vein Thrombosis - DVT) අවදානම ඉහළ යමින් පවතින බව වෛද්‍ය විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙයි.දීර්ඝ නිවාඩු කාලයන්හිදී හෝ වෙනත් අවස්ථාවලදී නොකඩවා එකම ඉරියව්වෙන් පසුවීම ලේ කැටි ගැසීමේ තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වන බැවින්, මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වූ සෞඛ්‍ය ගැටලුවක් නොවන බව…

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් - අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත එළඹෙන සෙනසුරාදා (22) දිනය ද ඊට ඇතුළත් වේ. මෙම ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කිරීමට අදාළ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත…

මැරුණ බල්ලො ගැන අපි දන්නෑ - 'බ්ලූ වෝටර්' හෝටලය දන්වයි

'ද බ්ලූ වෝටර් හොටෙල් ඇන්ඩ් ස්පා' (The Blue Water Hotel & Spa) පරිශ්‍රයේ සේවක ඇතුළුවීමේ දොරටුව අසල තාප්පයෙන් පිටත මියගොස් සිටියදී හමු වූ සුනඛයන් සිව්දෙනාගේ මරණ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම හෝටල් කළමනාකාරිත්වය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. අදාළ සිදුවීම වාර්තා වූ ස්ථානය හෝටල් සීමාවට මුළුමනින්ම බාහිරින් පිහිටා ඇති අතර, එම සතුන් කිසිදු දිනෙක හෝටල් පරිශ්‍රය තුළ සිට…

ඩුබායි යවන ලැම්බෝගිනි 14 ක් ඉතාලියෙන් කොළඹට ඇවිත්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ ඉතාලියේ සිට නැව්ගත කරන ලද සුඛෝපභෝගී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ 14ක් ශ්‍රී ලංකාව හරහා විකල්ප ප්‍රවාහන මාර්ගයකට යොමු කර තිබේ. මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ගෙන එන ලද මෙම මෝටර් රථ, ඉන් අනතුරුව අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර් හතක අසුරා ගොඩබිම් මාර්ගයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත…

ඥානසාර හිමිගේ සිකියුරිටි දිවි හානි කරගනී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන රාජගිරිය, නාවල ශ්‍රී සද්ධර්මරාජික රජමහා විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අද (20) පස්වරුවේ සිදුව ඇති මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියෙහි පසුවූ පොලිස් නිලධාරියෙකි. අදාළ නිලධාරියා සිය රාජකාරී ගිනි අවිය භාවිත කරමින් මෙලෙස සියදිවි නසාගන්නට…

ප්‍රවීණ ගායිකා නන්දා මාලනියගේ අභාවය

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ "දේශයේ ස්වර්ණමය හඬ" ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලනී හෙවත් මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා මහත්මිය සිය 83 වන උපන්දිනට දින තුනක් තිබියදී 2026 අගෝස්තු 20 වන දින නාවල පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දන්වන්නට සිදුව තිබේ. දශක හතකට ආසන්න කාලයක් පුරා මෙරට සංස්කෘතික ප්‍රවාහයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය මියයන විට 82 වන වියේ…

දුම්රිය මාර්ග දීර්ඝ කෙ​රේ

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පවතින ධාවන බලඇණිය ඉහළ නංවමින් දුම්රිය සේවාවන් තවදුරටත් විධිමත් කිරීම සඳහා නව දුම්රිය සහ බලවේග කට්ටල මිලදී ගැනීමට මෙන්ම පවතින දුම්රිය මාර්ග පද්ධතියේ කොටස් කිහිපයක් යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුව අමතමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ දුම්රිය මාර්ග ජාලයේ සමස්ත දිග ප්‍රමාණය තවදුරටත් දීර්ඝ කිරීමේ ක්ෂණික සැලසුමක් නොමැති…

ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: පෞද්ගලික බැංකු නිලධාරීන් ගැන තීන්දුවක්

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යැවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ව්‍යාපාරිකයා සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අදාළ බැංකු නිලධාරීන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප…

හරක් කටා ගැන දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බව නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු…

සජිත් කිව්වාට අපි පාර්ලිමේන්තු එන් නෑ - නීතීඥ සංගමය දන්වයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත වූ වැඩසටහනට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි. එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙන්නේ අද දින පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත තම සංගමයේ නියෝජිතයන් සහභාගී නොවන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225…